එප්පාවල අපරාධ අංශ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

එප්පාවල අපරාධ අංශ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

by Sagarika Chathumali 30-04-2018 | 3:38 PM

COLOMBO (News 1st)  : එප්පාවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ පසුගිය 28 වන දා එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේදී කාන්තාවන් ඇතුළු ගම්වාසින් පිරිසකට පහර දිමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට අදාළවයි. එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ භාරකරත්වය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයේදී පැවති නඩුවකින් පසුව එහි භාරකාරත්වය මාලිගාතැන්නේ රතනසාර හිමියන්ට පැවරිමට යාමේදී ගම්වාසින් සහ පොලීසිය අතර ගැටුමක් හට ගැනිණ. ගම්වාසින් පිරිසක් මෙම විහාරස්ථානයේ භාරකාරත්වය හිටපු හිමිනම වන කුකුලේගම ශාන්තරතන හිමියන්ට ලබාදිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමග ගම්වාසින් සහ හිමිවරැන් අතර ගැටුමක් හටගත් බව පොලීසිය පවසයි. ගැටුමට සම්බන්ධ කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් එදින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරිණ. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ කැබිතිගොල්ලැව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කිරිමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සිදුකරන ලද පරීක්ෂණයෙන් අනතුරුව එප්පාවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා තිබේ.