සිරස වෙසක් කලාපය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

by Hashini De Mel 29-04-2018 | 7:38 PM

COLOMBO (News 1st) - අසිරිමත් වෙසක් මංගල්‍ය වෙනුවෙන් 8 වැනි වරටත් සංවිධානය කරන සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

වෙසක් කලාපයට පැමිණි ජනාධිපතිතුමා පළමුව ශාක්‍ය මාලකයට ගොස් මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව ජනාධිපතිතුමා විසින් සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ ඉදි කර ඇති කක්කුට ජාතකය නිරුපණය කරන තොරණ සහ විදුලි ආලෝක පද්ධතිය විවෘත කරනු ලැබිණි. පසුව ජනාධිපතිතුමා සර්වඥ සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1929580787102170/