සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද ඇරඹේ

සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද සිට දින තුනක් බේබෲක් පෙදෙසේදී

by Chathuranga Rajapaksha 29-04-2018 | 9:02 AM
COLOMBO (News 1st) - සම්බුදු තෙමගුල සිහි කරමින් 8 වැනි වරටත් පැවැත්වෙන සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, කොළඹ 02, බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථාන පරිශ්‍රයේදී ය. අද , හෙට සහ අනිද්දා යන දිනයන්හිදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය පැවැත්වේ. වෙසක් කලාපය තුළදී ඔබට සර්වඥ සහ මහරහත් ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනිමේ උතුම් අවස්ථාව ද හිමිවෙයි. කුක්කුට ජාතකය නිරූපණය කරන තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනයක්, බැති ගී සංදර්ශනයක් ද පැවැත්වේ. සිරස - යුනියන් ඇෂුවරනස් වෙසක් කලාපයට පැමිණෙන ඔබ වෙනුවෙන් බත් දන්සැලක්, ඔසුපැන් දන්සැලක් සහ සිසිල් පැන් දන්සැලක්ද ක්‍රියාත්මකයි. මේ අතර සිරස යුනියන් ඇෂුරන්ස් වෙසක් කලාපයට වැඩම කරවන ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පස්වරුවේ වෙසක් කලාප පරිශ්‍රයට ළගාවීමට නියමිත ය. ඒ අනුව, මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ සිරස – යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවනු ලැබේ.