වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

වෙසක් සිරි නැරඹීමට යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

by Chathuranga Rajapaksha 29-04-2018 | 10:08 AM
COLOMBO (News 1st) - වෙසක් සිරි නැරඹීමට යන ජනතාව වෙනුවෙන් අද ත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ, අනුව අද මරදාන සිට දකුණු කළුතර, දකුණු කළුතර සිට මරදාන, අනුරාධපුර සිට කොළඹ කොටුව, වේයන්ගොඩ සිට දකුණු කළුතර අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය වනු ඇති. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.