සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය

විචිත්‍රාංග රැසකින් සමන්විත සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය

by Hashini De Mel 29-04-2018 | 8:33 PM

COLOMBO (News 1st) - අද සිට දින තුනක් පුරා පැවැත්වෙන සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවරත් අංග රැසකින් සමන්විත ය.

මෙවරත් නාවික හමුදාව වෙසක් කලාපය සමග එක් ව සිටි. ඔවුන් ඉදිකළ පහන් කූඩුවලින් කලාපය විචිත්‍රවත් වන අතර කඩල දන්සැල ද එහිදී පැවැත්වෙනු ඇත. කුක්කුට ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ ද අද සිට දින 3ක් පුරා මෙම වෙසක් කලාපයේදී නැරඹිය හැකි වේ. ආලෝකෝ උදපාදී චිත්‍රපටය ප්‍රධාන වේදිකාවේදී දැක බලා ගැනීමේ අවස්ථාව ද සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට පැමිණෙන ඔබට උදා වනු ඇත. සැදැහැවතුන්ගේ විඩා නිවන්නට මෙවරත් බත් දන්සල පැවැත්වෙනු ඇත. වෙසක් කලාපයට සමගාමීව පෙරහැරක් ද අද දිනයේ පැවැත්වෙන අතර එය සංවිධාන කර ඇත්තේ නාවික හමුදාව විසිනි. මේ අතර සිරස FM සංවිධාන කළ සමස්ත ලංකා සැදැහැ ගී තරගාවලියේ අවසන් අදියර ද අද හෙට සහ අනිද්දා දිනයන්හිදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී පැවැත්වෙනු ඇත. https://www.youtube.com/watch?v=L28ItjME2YI