ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක්

by Chathuranga Rajapaksha 29-04-2018 | 12:09 PM
COLOMBO (News 1st) - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019 - 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් ඉදිරිපත් කළේය. ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් හා තවත් අමතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මෙම නව තරගාවලි රටාවන්ට අනුව කණ්ඩයම් 16 කට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. මේ අනුව වසර දෙකක් පුරා පවත්වන කලාපීය තරගාවලි, උප කලාපීය තරගාවලිවලට පසුව සාමාජික රටවලට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි වලට සුදුසුකම් ලැබීමේ වරම් මෙන්ම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ වරම් ද හිමි වේ.