by Chathuranga Rajapaksha 29-04-2018 | 11:31 AM
සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපය ලබන මැයි මාසයේ වසා දැමීමට උතුරු කොරියාව පෙරොන්දුවක් ලබා දුන් බව, දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවක් කැඳවමිනි.
න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරන බවට උතුරු කොරියානු නායකයා මීට පෙර ප්‍රකාශයක් නිකුත් කළ ද, ඊට අදාළ දින වකවානු ඔහු ප්‍රකාශ කළේ නැහැ.
දකුණු කොරියාව පවසන්නේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපය ලබන මාසයේදී වසා දැමීමට උතුරු කොරියාව තීරණය කිරීම, ඓතිහාසික තීන්දුවක් බව ය.