නව චිත්‍රපට 70ක් ප්‍රදර්ශන පෝලිමේ

නව චිත්‍රපට 70ක් ප්‍රදර්ශන පෝලිමේ

by Chathuranga Rajapaksha 29-04-2018 | 12:02 PM
COLOMBO (News 1st) - නව සිනමා පට 70 ක් පමණ ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් ලැයිස්තුගතව ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේ, ඉන් සිනමා පට 50 ක් පමණ රජයේ ප්‍රදර්ශන සමාගම යටතේ ප්‍රදර්ශනය සඳහා අවසර ඉල්ලා ඇති බව ය. මෙම සිනමා පට වලින් බහුතරයක් ප්‍රමිතියෙන් තොර බව හඳුනාගෙන ඇතැයි ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පවසයි.