දන්සැල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක්

දන්සැල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක්

by Chathuranga Rajapaksha 29-04-2018 | 10:00 AM
COLOMBO (News 1st) - වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් පරික්ෂා කිරීම සඳහා අද සහ හෙට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක පිරිසක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොරව පවත්වන දන්සැල් සම්බන්ධයෙන් ආහාර පනතට ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බව ය. මේ වනවිට ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව 2625කි.