COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්විය.
බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථනයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත්වී වදාළ අතිපුජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සඟ සතුකොට පුජා කිරීමේ පුණ්‍යොත්සවයට ද ජනාධිපතිතුමා සහභාගි විය.
මින් පෙර ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටු කරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද එක්විය.
