පන්ති භාර ගුරුවරයාගේ රථයේ ගැටී මිලින වූ මල් කැකුළ

සිය පන්ති භාර ගුරුවරයාගේ ම රථයේ ගැටී අකාලයේ මිලින වූ මල් කැකුළ

by Staff writer 28-04-2018 | 6:40 PM
COLOMBO (News 1st) - රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ සිසුවියගේ දේහය අද ඇගේ නිවසට ගෙන ආවේ ය. අශිනි සත්සරණි මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානමින් සිටි දැරියකි. පාසලේ පැවති සීල සමාදාන වැඩසටහනින් පසු යළි නිවසට යන අතුරතුර ඊයේ පස්වරුවේ අශිනි පාර මාරු වීමේදී සිය පන්ති භාර ගුරුවරයාගේ ම රථයේ ගැටී ජීවිතක්ෂයට පත් වූවා ය. ඇය එලෙස පාර මාරු වී ඇත්තේ සිය හොඳ ම මිතුරියට වෙසක් සුබ පැතුම් පතක් ලබා දීමේ අරමුණිනි. කාගේත් ආදරය දිනාගත් අශිනි සත්සරණිගේ නිසල දේහය අද සූරියවැව පිහිටි සිය නිවසට රැගෙන ආවේ ප්‍රදේශයේ කාගේත් හදවත් කම්පා කරමිනි.