වියානා ඇලට පෙරළුණු ජීප් රියැදුරු පොලීසියට භාරවෙයි

වියානා ඇලට පෙරළුණු ජීප් රථයේ රියැදුරු පොලීසියට භාරවෙයි

by Chathuranga Rajapaksha 28-04-2018 | 2:11 PM
COLOMBO (News 1st) - මහියංගණය, වියානා ඇලට ජීප් රථයක් පෙරළීමෙන් දියේ ගිලී අතුරුදන් වූ බවට සැක කළ පුද්ගලයා මහියංගණය පොලිසයට භාර වී තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ඔහු පොලීසියට පැමිණ භාර වූ බව ය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් වාහනය සමග ඇලට පෙරළුනු බවත් පසුව පීනා ගොඩට පැමිණි බව ය. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට අවශය බව පොලීසිය පවසයි. පෙරේදා අලුයම සිදුවූ මෙම අනතුරෙන් වියානා ඇලට වැටී ඇතුරුදන් වූ බවට සැක කළේ, 34 හැවිරිදි හිඟුරක්ගොඩ තැපැල් කාර්යාල ලිපිනයේ පදිංචි උපකාරක පන්ති ගුරුවරයෙකි. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඔහුගේ සිරුර සොයා දින ගණනාවක් පුරා පොලීසිය මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළේය.