මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය රාජසිංහට

මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට

by Chathuranga Rajapaksha 28-04-2018 | 2:27 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ R.A.I.S. රාජසිංහ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ය කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ ජය හිමිකර ගත්තේය. ඇයට ඒ සඳහා ගතවූ කාලය තත්පර 14 යි දශම 5 යි 2 කි. එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සදහා පැවැත්වෙන තේරීම් තරග අද දෙවන දිනටත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයේ දෙවන ස්ථානය හිමි වූයේ තත්පර 15 යි දශම 1 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ H.W.K.හපුආරච්චිටයි. තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට තත්පර 15 යි දශම 3 යි 5 කින් තරගය අවසන් කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ N.G.P.R.ගුණතිලක සමත් වූවා ය.