පොළොන්නරුවේ කැනීමකින් පුරාවස්තු කිහිපයක් සොයා ගනී

පොළොන්නරුවේ කැනීමකින් බුද්ධ ප්‍රතිමා දෙකක් හා බෝධි සත්ව ප්‍රතිමා 2 ක් සොයා ගනී

by Chathuranga Rajapaksha 28-04-2018 | 11:35 AM
COLOMBO (News 1st) -  පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ කළ කැනීමකින් බුද්ධ ප්‍රතිමා 2ක් හා බෝධි සත්ව ප්‍රතිමා දෙකක් ඇතුළු පිළිම කොටස් කිහිපයක් හමු වී තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, පොළොන්නරුව නව වකුගඩු රෝහල ඉදිකිරිමට යෝජිත භූමියේ මෙම කැනීම සිදුකරන බව ය. මෙම සියලු ප්‍රතිමා පොළොන්නරු යුගයට අයත් බව ද ඔහු සඳහන් කළේය.