"පක්ෂ නායකත්වයත් ඡන්දයෙන් පත් වෙන්න ඕන"

පක්ෂ නායකත්වයත් ඡන්දයෙන් පත් වෙන්න ඕන - ඉරාන් වික්‍රමරත්න

by Staff writer 28-04-2018 | 9:44 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව පක්ෂයේ මැති ඇමතිවරුන් ම අදත් විවේචනාත්මක අදහස් පළ කළේ ය. මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, පක්ෂයේ නායකත්වය ඡන්දයෙන් පත් විය යුතු බව ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, පසුගියදා පක්ෂයේ සිදුවූ ප්‍රතිසංවිධානය අර්ධ ප්‍රතිසංවිධානයක් බවත් එය සම්පූර්ණ කළ යුතු බවත් ය. මේ අතර නව මහ ලේකම් ධූරයට පත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව එතුමන් රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ ප්‍රේමසිරි මහා නාහිමි, මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන් ද බැහැ දුටුවේ ය. https://www.youtube.com/watch?v=MY4k2JR073g