නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමයි

නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමයි

by Chathuranga Rajapaksha 28-04-2018 | 12:00 PM
COLOMBO (News 1st) - බටහිර, තුම්මෝදර පාලම ලොරියක් සමග ගිලා බැසීම හේතුවෙන් නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මාර්ගය වසා දැමීම හේතුවෙන් කොළඹ දෙසට රථ වාහන රියැදුරන්ට කොස්වත්ත - මාරවිල හරහා ධාවනය කරන ලෙස ය. පාලමේ සිරවී ඇති ලොරි රථය පිටතට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබේ.