by Staff writer 28-04-2018 | 3:40 PM
COLOMBO (News 1st) - අද අලුයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.
එම මෙහෙයුමේදී බීමත් රියැදුරන් 270 දෙනෙකු ද, හෙරොයින් ඇතුළු නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් පුද්ගලයින් 633 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පැය 5ක් පුරා ක්‍රියාත්මක කළ එම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 2630කි.
රියැදුරන් 8276 දෙනෙකුට රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරූ බව ද පොලීසිය සඳහන් කළේ ය.