දක්ෂිණ අධිවේගයේ පින්නදූවේදී බස් රථ අනතුරක්

දක්ෂිණ අධිවේගයේ පින්නදූවේදී බස් රථ අනතුරක්

by Chathuranga Rajapaksha 28-04-2018 | 11:06 AM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද පෙරවරු 7.20 ට පමණ අනතුර සිදුව ඇත්තේ, එම බස් රථයේ ටයරයක් පුපුරා යාමෙනි. අනතුරට පත් පිරිස මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. තුවාලකරුවන් රෝහල් ගතකර ඇති අතර අනතුරට ලක්වූ බස් රථය මාර්ගයෙන් ඉවත් කර රථවාහන ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේය.