තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටීමෙන් සේවා රැසක් අඩාලයි

by Chathuranga Rajapaksha 28-04-2018 | 7:09 AM
COLOMBO (News 1st) - තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටීම හේතුවෙන් තැපැල් සේවා රැසක් අඩාල වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙන්නේය. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල අතර සම්බන්ධතා පවත්වන පරිගණක ජාලය එලෙස බිඳ වැටී ඇති බව ය. ඊ-පේ නැමැති මෘදුකාංගයක් මගින් මෙම පරිගණක ජාලය ක්‍රියාත්මක වන අතර එය බිඳවැටීම හේතුවෙන් මුදල් ඇණවුම් භාර ගැනිම හා ඒවා මාරු කිරීම අඩාල වී ඇති බව ද ඔහු පෙන්වා දෙන්නේය. ඊට ප්‍රතිචාර දැක්වූ තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ සති 4ක 5ක පමණ කාලයක සිට මෙම තත්ත්වය පවතින බව ත්, මෙය නිවරැදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා බව ය.