මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙල

කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල අති උත්කර්ෂවත් ලෙස ස්ටයින් මැදිරි සංකීර්ණයේදී

by Staff writer 28-04-2018 | 7:41 PM
COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්විණි. ඒ, රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය. 2017-2018 හොඳ ම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් නිර්දේශිත නම් 5ක් ඉදිරිපත් වී තිබිණි. ඒ 1 පී,ඊ, ප්ලස් හි කමල් කුමාර 2 ශක්ති ග්ලෝබල් ටී.වී චමන්ත් රාජ් 3 එස්ලෝන් සමාගමේ සනත් ෂමින්ද්‍ර බණ්ඩාර 4 එම්.බී.සී රම්සි කාසිම් 5 ඒ.එෆ් .ජෝන්ස් හි ෂමීර් රසූල්ඩීන්. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සම කළමනාකරණ අධ්‍යක්ෂ සශී රාජමහේන්ද්‍රන් මහතා සහ සමූහ අධ්‍යක්ෂ ප්‍රදීප් මහරාජා මහතා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළේ ය. එහිදී වසරේ හොඳ ම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ Yes FM නාලිකා ප්‍රධානී රම්සි කාසිම් මහතා ය. 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ මෙවර තේමාව වූයේ දිනන්න ක්‍රියා කරන්න යන අර්ථය ඇති 'ඇක්ට් ටූ වින්' යන්න යි. සීමාසහිත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ 1000කට අධික විධායක නිලධාරීන් සහ නිලධාරිණියන් සමග සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙවර උළෙලට එක්වූහ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපතිතුමාගේ පණිවුඩය ප්‍රකාශ කළේ, සමූහ අධ්‍යක්ෂ ශ්‍රීලාල් අහංගම මහතා ය. වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ය. මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ඔහු රැස්ව සිටි පිරිස තුළ උත්ප්‍රේරණයක් ඇති වන අන්දමින් ද අදහස් පළ කළේ ය.