පළාත් 9කට ආපදා කළමනාකරණයෙන් අනතුරු ඇඟවීම්

ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

by Staff writer 28-04-2018 | 5:17 PM
COLOMBO (News 1st) - ඉදිරි පැය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්කවලටත් එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය. ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තද වැසි ද අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 70-80 පමණ තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.