"අවස්ථාවක් ලැබුණොත් ජනාධිපතිවරණයට තරග කරනවා"

අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරග කරනවා - මොහොමඩ් නෂීඩ්

by Staff writer 28-04-2018 | 7:50 PM
COLOMBO (News 1st) - මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා වර්තමාන දේශපාලන තත්ත්වය සහ නැවත බලයට පැමිණීම පිළිබඳව ඊයේ අදහස් පළ කළේ ය. මොහොමඩ් නෂීඩ් මහතා මේ අදහස් පළ කළේ කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මාලදිවයිනේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ  නෂීඩ් මහතා මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව අදහස් පළ කළේ ය. ඔහු පැවසුවේ, ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාවක් නොමැති නමුත් අවසාන මොහොතේ වුවත් සිදුවීම්වල වෙනසක් විය හැකි බව ය. එලෙස ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම ඊට තරග කොට ජයග්‍රහණය කරන බව මොහොමඩ් නෂීඩ් මහතා අවධාරණය කළේ ය.