මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට

මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට

මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට

කර්තෘ Chathuranga Rajapaksha

28 Apr, 2018 | 2:27 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුද හමුදාවේ R.A.I.S. රාජසිංහ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ය කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ ජය හිමිකර ගත්තේය.

ඇයට ඒ සඳහා ගතවූ කාලය තත්පර 14 යි දශම 5 යි 2 කි.

එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සදහා පැවැත්වෙන තේරීම් තරග අද දෙවන දිනටත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එම තරගයේ දෙවන ස්ථානය හිමි වූයේ තත්පර 15 යි දශම 1 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ H.W.K.හපුආරච්චිටයි.

තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට තත්පර 15 යි දශම 3 යි 5 කින් තරගය අවසන් කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ N.G.P.R.ගුණතිලක සමත් වූවා ය.