හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු රිමාන්ඩ්

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු රිමාන්ඩ්

by Staff writer 27-04-2018 | 12:42 PM
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද පෙරවරුවේ ඔහු නීතිඥයෙකු සමග පැමිණ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ය. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අදාළ කර්මාන්ත ශාලාවේ කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. අදාළ කර්මාන්ත ශාලාවේ පසුගිය 19 වන දා පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරිණි.