නිදහස් පක්ෂ 16 දෙනාගේ ලිඛිත ඉල්ලීම භාර දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම පාර්ලිමේන්තුවට

by Staff writer 27-04-2018 | 11:32 AM
COLOMBO (News 1st) - විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව ලිඛිත ඉල්ලීම අද භාර දුන්හ. ඒ, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ය.