වැලිගම මිරිස්ස ප්‍රදේශයේ STF කඳවුරක් ස්ථාපිත කරයි

වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් ස්ථාපිත කරයි

by Staff writer 27-04-2018 | 10:04 AM
COLOMBO (News 1st) - වැලිගම මිරිස්ස ප්‍රදේශයේ තාවකාලික පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා තිබේ. ඒ, ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පහර දීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වූ බව ය. මුහුදු තීරයේ සිටින දෙස් විදෙස් සංචාරකයින්ට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ට වෙරළේ ගමන් කළ හැකි රථ ද ලබා දී තිබේ. ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශවල ද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 2ක් ස්ථාපිත ය.