මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව විනෝජ් හිමිකර ගනී

වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී

by Hashini De Mel 27-04-2018 | 7:08 PM

COLOMBO (News 1st) - 1998 වසරේ දී මෙරට සිටි ධාවන ශූරයෙකු වූ සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ශ්‍රී ලංකා වාර්තා අද තමන් සතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් විය.

ජාතික තේරීම් තරගාවලියට අද සහභාගී වෙමින් විනෝජ් සුරංජය මීටර් 200 පිරිමි ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමිනි. සුගත් තිලකරත්න එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 20.69 ක කාලයක් වාර්තා කරමින් ය. අද පැවති තේරීම් තරගයේ දෙවැනි ස්ථානය හිමාෂ ඒෂාන්ට හිමි වූ අතර, තුන්වැනි ස්ථානය හිමි වුණේ දිලීප් රුවන්ටයි. ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තේරීම් තරගාවලියේ පළමු අදියර මෙය වන අතර දෙවැනි අදියර ලබන මස 12 හා 13 වැනි දිනවලදී පැවැත්වීමට නියමිතවේ.