වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ

වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ

by Staff writer 27-04-2018 | 12:50 PM
COLOMBO (News 1st) - වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් දීමනා ගැටලුවක් මුල් කර ගනිමිනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සලකා බලමින් සිටින බව ය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය.