මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙල

මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙලට මොහොමඩ් නෂීඩ් පැමිණෙයි

by Hashini De Mel 27-04-2018 | 5:18 PM

COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල අද පස්වරුවේ පැවැත්වේ.

ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදීයි. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතායි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරිවරයා ඇගයීම ද මෙම උළෙලේදී සිදු වනු ඇත. මේ සුවිශේෂ උත්සවය ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැගි මෙහෙවරක් ඉටු කරන විධායක නිලධාරීන් ඇගයීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන්නකි. https://www.facebook.com/NewsfirstSL/videos/1927149110678671/