උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

නාවලපිටිය සහ උලපනේ අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

by Staff writer 27-04-2018 | 6:38 AM
COLOMBO (News 1st) - උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 1.00ට පමණ එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව ය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේ ය. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුවේ.