"නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කම්කරු දිනය දා" - ජනපති

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කම්කරු දිනය දා - ජනපතිගෙන් ප්‍රකාශයක්

by Hashini De Mel 27-04-2018 | 9:37 PM

COLOMBO (News 1st) - ලෝක කම්කරු දිනය දා නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබු පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන්වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රධානය කිරීම වෙනුවෙන් අද පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පැවති පූජ්‍යතෝස්වයට එක්වෙමිනි. යහපත් සහ විනය ගරුක සමාජයක් පිළිබඳ බලාපොරාත්තු තැබිය හැක්කේ බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම තුළින් බව ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය. ජනාධිපතිතුමා සඳහන් කළේ, විහාරස්ථාන සංවර්ධනය හා සංරක්ෂණය සඳහා මෙන්ම පුරාවස්තු සංරක්ෂණය වෙනුවෙන් රජයක් ලෙස ප්‍රමුඛ වැඩ කොටසක් මේ වනවිට ඉටු කරමින් සිටින බවයි.