කෙහෙළියට පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 13

කෙහෙළියට හා ජයම්පති බණ්ඩාරට එරෙහිව පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 13 වන දා

by Staff writer 27-04-2018 | 1:54 PM
COLOMBO (News 1st) -  හිටපු ජනමාධ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍ර‍ණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ලබන ජූලි මස 13 වන දා ආරම්භ කිරීමට කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද දින නියම කළේ ය. ඒ, සැකකරුවන් දෙදෙනාට අද දින විවෘත අධිකරණය හමුවේදී චෝදනා කියවා දීමෙන් අනතුරුව ය. එහිදී ඔවුන් නිවැරදිකරුවන් බව ප්‍ර‍කාශ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ, රාජ්‍ය මුද්‍ර‍ණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක් වැය කර පෞද්ගලික දුරකතන බිල ගෙවීමට පෙළඹවීම හා ඒ සඳහා උපදෙස් දීම ඇතුළු චෝදනා යටතේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1927055060688076/