by Hashini De Mel 27-04-2018 | 4:32 PM
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්‍ෂාව යටතේ අද කතරගම ප්‍රාදේශිය සභාවට රැගෙන එනු ලැබිණි.
ඒ, අද පැවති විශේෂ සභා රැස්වීමකට සහභාගීවීම සඳහා ය.
එහිදී විශේෂ කමිටු කිහිපයක් ද පත්කර තිබේ.
චානක අමිල් රංගන මහතා මීට දින කිහිපයකට පෙර තිස්සමහාරාම අධිකරණයට භාරවී ඇත.
ඒ, මීට මාස කිහිපයකට පෙර මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථ රියැදුරෙකු මිය යාමට එරෙහිව පැවති විරෝධතාවයේදී පොලීසියට අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළවයි.
ඔහු ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.