උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුව

උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක්

by Staff writer 27-04-2018 | 6:56 AM
(News 1st) - උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද පැවැත්වේ. ඒ, දෙරට දේශසීමාවෙහි පිහිටි අවිහරණ කලාපයේදී පැවැත්වෙන සමුළුවකදී ය. සිය නායකයා වන මූන් ජේ ඉන් අද පෙරවරු 9.30ට එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පෞද්ගලිකව හමුවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව 1953 වසරේ කොරියානු යුද්ධය නිම වීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසයට එක්වනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කොරියානු දෙරට නායකයින් මේ වන විටත් සමුළුවට සහභාගී වීම සඳහා ගමන් අරඹා ඇති බව ය.