උතුරු සහ දකුණු කොරියානු නායකයින්ගෙන් ප්‍රතිඥාවක්

උතුරු සහ දකුණු කොරියානු නායකයින් න්‍යෂ්ටික අවිහරණය සඳහා ප්‍රතිඥා ලබා දෙයි

by Hashini De Mel 27-04-2018 | 3:41 PM

COLOMBO (News 1st) - උතුරු සහ දකුණු කොරියානු නායකයින් න්‍යෂ්ටික අවිහරණය සඳහා අද ප්‍රතිඥා ලබාදී ඇත.

ඒ, දෙරටේ යුද මුක්ත කලාපයේදී පැවති ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් අතර පැවති එම සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයා පැවසුවේ කොරියානු ඉතිහාසය අලුතින් ලිවීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.