වත්තල බැංකුවක් කොල්ල කයි

ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ වත්තල බැංකු කොල්ලය

by Hashini De Mel 27-04-2018 | 5:57 PM

COLOMBO (News 1st) - යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවෙකු බැංකුවේ ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් 750,000 ක මුදලක් කොල්ල කා පළා ගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ, බැංකු සේවකයින් බිය ගන්වා මුදල් කොල්ලය සිදුකර ඇති බවයි. අද පස්වරු 2.30 ට පමණ සිදු වූ මෙම මුදල් කොල්ලය සිදුකර පළා ගිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය.