සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේලා වැඩම කරවීම ඇරඹේ

සිරස වෙසක් කලාපයට වැඩම කරවන සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා සංඛපාල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවයි

by Staff writer 26-04-2018 | 10:06 PM
COLOMBO (News 1st) - සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවර දින 3ක් පුරා කොළඹ බේබෘෘක් පෙදෙසේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. වෙසක් කලාපය වෙත වැඩම කෙරෙන ධාතූන් වහන්සේලා විහාරස්ථාන 2ක සිට රිය පෙරහැරින් වැඩම කරවීම අද ආරම්භ කෙරිණි. මෙවර වෙසක් කලාපය සඳහා සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට ය. විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ධාතූන් වහන්සේ රිය පෙරහැරින් වැඩම කරවීම ආරම්භ කළේ ය. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේලා අද පස්වරුවේ පල්ලේබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරිණි. හෙට ඇඹිලිපිටිය නගරය හරහා ගනේගම රජමහා විහාරස්ථානය වෙත ධාතූන් වහන්සේ රිය පෙරහැරින් වැඩම කරවනු ඇති. ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහත් ධාතූන් වහන්සේ අද කුරුණෑගල යන්තන්පලාව කොහිල පොකුණ විහාරස්ථානය වෙත වැඩම කර වූවේ ය. යන්තන්පලාව කොහිල පොකුණ විහාරස්ථානය වෙත වැඩම කරවූ ධාතූන් වහන්සේලා හෙට කුරුණෑගල නගරය හරහා කොටදෙණියාව කුඩාගම්මන විහාරස්ථානය වෙත වැඩම කර වීමට නියමිත ය. මේ අතර මොරවක බානගල විහාරස්ථානය වෙත වැඩම කරවූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ දින 2ක් පුරා ප්‍රදේශයේ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවේ. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය 29 වන දා සිට මැයි පළමු වන දා දක්වා කොළඹ බේබෘෘක් පෙදෙසේ පැවැත්වේ. https://www.youtube.com/watch?v=P8ic49fNWRE