සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේ  වැඩම කරවීම ඇරඹේ

සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට ධාතූන් වහන්සේ වැඩම කරවීම අද ඇරඹේ

by Hashini De Mel 26-04-2018 | 7:37 AM

COLOMBO (News 1st) - තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම අද උදෑසන යෙදෙන සුබ මොහොතින් ආරම්භ වනු ඇති.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් ය. මේ අතර මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ ද අද උදෑසන යෙදෙන සුබ මොහොතින් සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම ආරම්භ වේ. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය සඳහා වැඩමකරවීමට නියමිත අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා මොරවක බානගල විහාරස්ථානයේ තැන්පත් කර ඇත. අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ ඊයේ වැඩම කරවනු ලැබුවේ මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේ සිටයි. ඊයේ සිට දින තුනක් පුරා ප්‍රදේශයේ ජනතාවට ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ධාතූන් වහන්සේ සිරස - යුනියන් ඇෂුවරනස් වෙසක් කලාපයට‍ වැඩම කරවන්නේ ඉන් අනතුරුව ය. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අප්‍රේල් මස 29, 30 සහ මැයි පළමු වැනිදා දක්වා කොළඹ 02, බේබෲක් පදෙස් පිහිටි සිරස මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති. https://www.youtube.com/watch?v=RUQ4Vkw_lgI