ස්වර්ණාභරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස්

ස්වර්ණාභරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස්

by Hashini De Mel 26-04-2018 | 10:40 AM

COLOMBO (News 1st) - ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ ප්‍රමිති මුද්‍රාව සහිත රන් භාණ්ඩ මිලදී ගැනීමට සුපරික්ෂාකාරී වන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අළෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරීය සඳහන් කළේ ය. ඒ අනුව ඉදිරියේදී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමට ද පියවර ගන්නා බව එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහේෂ් ගම්මන්පිල මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.