ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලූ අයට වැඩ වරදියි

බැඳිවැව ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ අයට වැඩ වරදියි

by Staff writer 26-04-2018 | 4:11 PM
COLOMBO (News 1st) - පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් ලබා දී ඔහුගේ දරුවන් පැහැර ගන්නා බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව ය. අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් ලබා දුන් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.