නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

by Hashini De Mel 26-04-2018 | 10:53 AM

COLOMBO (News 1st) - නැගෙනහිර පළාතේ සියලු වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ශනිත් පේදුරුආරච්චි මහතා පැවසුවේ, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි. මේ පිළිබඳව බලධාරීන් සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ ද විසඳුම් නොලැබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කළ බව ඔහු පැවසුවේ ය.