කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීම අද යි

නව තනතුරු පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

by Hashini De Mel 26-04-2018 | 6:51 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිත වේ.

ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු නාමාවලිය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය. අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය රැස්වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මේ අනූව පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ නව මහලේකම් ධූරයට ඊයේ දිනයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට තීරණය කළේ ය. https://goo.gl/7xJecK