එ.ජා.ප.යට හම්බන්තොට මහ නගර සභාවේ බලයත් අහිමි වෙයි

එ.ජා.ප.යට හම්බන්තොට මහ නගර සභාවේ බලයත් අහිමි වෙයි

by Staff writer 26-04-2018 | 8:37 PM
COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්දයේදී බහුතර ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ද හම්බන්තොට මහ නගර සභාවේ බලය අද එක්සත් ජාතික පක්ෂයට අහිමි විය. නගාරාධිපතිවරයා ලෙස පත් වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා යි. එරාජ් ප්‍රනාන්දු මහතාට අද පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සහය පළ කළහ. පසුගිය මැතිවරණයේදී හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ, ආසන 9ක් දිනා ගනිමිනි. එහිදී පොදුජන පෙරමුණ ආසන 7ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 1 ක් ද ලබා ගත්තේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, පොදුජන පෙරමුණේත් ඡන්ද 11 එරාජ් ප්‍රනාන්දු මහතාට ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂක ඩී.ඒ. ගාමිණි මහතාට ලැබුණේ එම පක්ෂයේ ඡන්ද 09 පමණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.