උ. කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කළේ ඇයි?

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කළේ ඇයි?

by Hashini De Mel 26-04-2018 | 9:38 AM

COLOMBO (News 1st) - උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බව නිවේදනය කර ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව පර්යේෂකයින් අණාවරණ කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, උතුරු කොරියාවේ උතුරු දෙසින් චීනයට ආසන්නයේ පිහිටි මෙම කඳුවැටිය 2017 වසරේ සැප්තැම්බර් 3 වන දා කළ න්‍යෂ්ටික අත්හදාබැලීමක ප්‍රතිඵලයක් ලෙස කඩාවැටී ඇති බවයි. එම අත්හදාබැලීමෙන් නිකුත් වූ විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන්, චීනයට දැඩි බලපෑම් ඇති විය හැකි බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය. උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම් හයෙන් පහක්ම සිදුකර ඇත්තේ මැන්ටැප් කඳුවැටිය ආශ්‍රිතව වේ. මෙම වාර්තාව පළ වුයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, හෙට ප්යොන්ග්යැන්ග් හිදී දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හමුවීමට නියමිත පසුබිමකදීයි.