මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

by Hashini De Mel 26-04-2018 | 11:44 AM

COLOMBO (News 1st) - අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ ත්‍රිකුණාමල වරායට සේන්දු විය.

ඒ, ඉන්දු - ආසියා - පැසිෆික් කලාපීය මානූෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණ කර ගත්, වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන සඳහායි. මෙම නෞකාව දිගින් මීටර් 272.49ක් සහ පළලින් මීටර් 32.2 ක් වනු ඇති. මැයි මස 9 වන දා දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට අමෙරිකානු නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් රැසක් සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසා තිබේ.