අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරාගේ දැඩි තීරණයක්

අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වෙයි

by Hashini De Mel 26-04-2018 | 12:16 PM

COLOMBO (News 1st) - හිටපු කථානායක සහ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු ඉවත් වු බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළේ ය. ඊයේ එක්සත් ජාතික පක්ෂ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය නම් කළ තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දිනයේ අනුමත කළ බව ද ඔහු කියා සිටියේ ය.