ශ්‍රීලංකන් වංචාවල සාක්ෂි විමසීම ඉදිරි සති දෙක තුළ

'ශ්‍රීලංකන්' වංචාවල සාක්ෂි විමසීම ඉදිරි සති දෙක තුළ

by Hashini De Mel 25-04-2018 | 4:36 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදූ වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති 2ක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය. ශ්‍රීලංකන් ගුවන් සේවාව පිළිබඳ අන්තර්ජාතිකව පවතින පිළිගැනීම ආරක්ෂා කර ගනිමින් ගුණාත්මක සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා එහිදී පෙන්වාදී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සාමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 6 න් 5 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක් ව සිටියහ. ඔවුන් එහිදී සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලු විසඳා ගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන් දිර්ඝ වශයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත. https://www.youtube.com/watch?v=uWV6JE00y0g