වෙසක් සතියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000 ක්

වෙසක් සතියේ කොළඹ ආරක්ෂාවට පොලීසියෙන් 3000 ක්

by Hashini De Mel 25-04-2018 | 3:39 PM

COLOMBO (News 1st) - වෙසක් සතිය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට නිලධාරීන් 3000 ක් යොදවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වෙසක් සතියේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කළේ පොලිස් මූලස්ථානයේදී අද දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.