රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්

රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්

by Hashini De Mel 25-04-2018 | 5:17 PM

COLOMBO (News 1st) - සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහයට ඇරයුම් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, අමෙරිකානු නිළි මෙලන් මර්කල්ගේ සමීප මිතුරියක වන ප්‍රියංකා චොප්රා, එම රාජකීය මංගලෝත්සවයේ මෙගන් මර්කල්ගේ දෙවන මනාලියක් වනු ඇති ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති බවයි. මෙගන් මර්කල් සහ හැරී කුමරු ලබන 19 වැනි දින වින්ඩ්සර් මාලිගයේදී යුග දිවියට එලඹීමට නියමිත අතර ප්‍රියංකා චොප්රා මේ වනවිට ලන්ඩන් නුවර සංචාරයක නිරත වනු ඇත.