යුරෝපයේ WhatsApp භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට

යුරෝපයේ WhatsApp භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට

by Hashini De Mel 25-04-2018 | 4:51 PM

COLOMBO (News 1st) - යුරෝපා කලාපයේ, වට්ස් ඇප් අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප්, ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි. මේ අනුව මීට පසු වට්ස් ඇප් භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත. මීට පෙර වට්ස් ඇප් භාවිත කළ හකි අවම වයස් සීමාව ලෙස සටහන් වූයේ වයස අවුරුදු 13 ය.